e Lanka Gossip News|Gossip Lanka News|Gossip Lanka|Gossip9|Gossip 9 lanka|Lanka Gossip

Real News from Sri Lanka- e Lanka Gossip News - ශ්රීප ලංකාවේ හොදම ගොසිප් නිවුස් - දුටු දේ නුදුටු පැතිකඩ - ඊ ලංකා ගොසිප් නිවුස්

මගේ මිතුරන්

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Categories



20-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේ මීර්පූර්හිදී ඊයේ (06) පැවති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ඉන්දියාව කඩුලු 6කින් පරාජය කළ ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලාන ප්‍රථම වරට දිනා ගැනීමට සමත් විය. 1996 එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු වසර 18 කට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සමත් වීම කැපී පෙනුණි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සුපිරි පන්දු යැවීමක නිරත වූ අතර, සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ජයග්‍රහණයේ සතුට විඳි ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලී ජනතාව රාත්‍රියේ වීදි බැස ප්‍රීති ගෝෂා කළ අතර,  ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දුරකථනයෙන් අමතා සුභ පැතීය.