e Lanka Gossip News|Gossip Lanka News|Gossip Lanka|Gossip9|Gossip 9 lanka|Lanka Gossip

Real News from Sri Lanka- e Lanka Gossip News - ශ්රීප ලංකාවේ හොදම ගොසිප් නිවුස් - දුටු දේ නුදුටු පැතිකඩ - ඊ ලංකා ගොසිප් නිවුස්

මගේ මිතුරන්

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Categories



මැලේසියා යානයේ කළු පෙට්ටියේ සංඥා හසුවේ

අතුරුදන් වූ මැලේසියා යානයේ කළු පෙට්ටියෙන් නිකුත්වූවා යැයි සිතිය හැකි සංඥා කිහිපයක් චීන නෞකාවකින් ග්‍රහණය කරගෙන ඇත.
ශබ්ද සංඛ්‍යාත 37.5 ඔස්සේ නිකුත් වී ඇති මෙම සංඥා ග්‍රහණය කරගෙන ඇත්තේ හෙයික්සං 01 නමැති නෞකාවකිනි. පසුගිය දින කිහිපයේ යානය සෙවීමේ කටයුතු වඩාත් ව්‍යාප්ත කැරිණි. කළු පෙට්ටියේ බැටරි ආයුකාලය ඉතිරිව ඇත්තේ තව දින දෙකක් පමණක් බැවින් ඉන් පසු ගුවන් යානය සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම අපහසු වනු ඇත.
ගුවන් යානයක කළු පෙට්ටිය ගැඹුරු ජලයේදීත් අධික තාපයේදීත් විනාශ වන්නේ නැත. ගුවන් යානයක සියළු දත්ත කළු පෙට්ටියේ සුරක්ෂිත බැවින් යානයට සිදුවූ දේ සොයා ගැනීමට එය වැදගත් උපාංගයකි. නියමු කුටියේ ශබ්ද, යානයේ ඇතුලත ශබ්ද සහ සියළු විධානයන් ද මෙහි අඩංගුය. චීන ගවේෂකයන් පවසන්නේ මේ සංඥාව නිකුත්වූයේ ඉන්දියන් සාගරයේ දකුණු කොටසේ කිලෝමීටර 5.8ක් පමණ ගැඹුරින් බවයි. එම ස්ථානය නිශ්චිතව සොයා ගැනීමට සාගරයේ වර්ග සැතපුම් 84,000ක පමණ ප්‍රදේශයක් ගවේෂණය කිරීමට සිදුවන බව ද පර්යේෂකයෝ කියති.