
ලෝක ශූරයෝ හෙට ලක්බිමට
ලෝක කුසලානඅවසාන් මහා තරග 4කදී අවසන් තරඟය දක්වා පැමිණ පරාජය වීමේ අමිහිරි අත්දැකීමට තිත තබමින් විස්සයි විස්ස විජයග්‍රහණය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම හෙට (08) දිනයේ ලක්බිමට ළඟාවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව හෙට ප.ව 4.00 ට පරණ කොළඹ-මීගමුව මාර්ගයේ විවෘත බස් රථයකින්ක්‍රිකට් මූලස්ථානය දක්වා ඔවුන් පැමිණෙන බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ලෝකයේ අග්‍රගන්‍ය සුපිරි ක්‍රිකට් තරු දෙකක් වූ කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ අවසන් විස්සයි විස්ස තරඟය සදාතනික සිහිවටනයක් කොටගත හැති තරඟයක් බවට අවසන් මහා තරඟය පත් කරන බවට ලසිත් මාලිංග ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම මීර්පූර්හි ශී‍්‍ර බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී ඉටුවිය.විස්සයි විස්ස ක්‍රිකට් ඇසුරෙහි අතිශය ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුළුහයකින් පරාජය කරමින් ඊයේ ලද ජයග්‍රහණය 1996 වීල්ස් ලෝක කුසලානයට පසුව ශ්‍රී ලංකාව ලද ඉහළම ජයග්‍රහණය විය. වසර 18කට පෙරදී ශ්‍රි ලංකාව අත්විඳි අනගිභවනීය මතකය නැවත යතාර්තයක් කරන්නට ඔවුනට ඊයේ රාත්‍රියේ හැකිවිය.
සාමාන්‍යයෙන් කාසියේ වාසිය දිනා ගැනීමේ වාසනාව සහිත නායකයෙකු ලෙස ප්‍රකට ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ඊයේ කාසිය වාසිය පැරදුනේ ලෝක ක්‍රිකට් ලෝලීන් අතර උන්මාදයක් වැනි ලසිත් මාලිංග ඉදිරියේය.තෙත බරිත තනතීරුවේ මුලින් පන්දු යවා පසුව හඹා යාමේ තීරණය ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවටපහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය. කෝලි,යුවරාජ්,රහනේ,දෝනි ප්‍රමුඛ ඉන්දීය පිතිකරු නඩයට රිසිසේ රංඟනයේ යෙදෙන්නට ඉඩ නොදීමට වග බලාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ උචිත අවස්ථාවේ පිති ප්‍රහාරය පාලනය කළහ.කෝලි හැරුණුකොට සෙසු පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු බල ඇණිය ඉදිරියේ ආරක්ෂාව සොයා ගියහ.සද්ධන්ත හයේ පහර රිසි සේ එල්ල කළ හැකි පිතිකරුවෙකු ලෙස ප්‍රකට යුවරාජ් සිං පන්දු 21කට මුහුණ දී ලකුණු 11ක් පමණක් ලබා ගැනීමෙන් ප්‍රකට වූයේ මෙරට පන්දු ග්‍රහණයේ තරමය. ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ ප‍්‍රධානම අවිය වූ පිට ඉන්නට ඈතීන් යැවූයෝකර් පන්දුව තේරුම් ගන්නට යුවරාජ්ට මෙන්ම දෝනිටද නොහැකි විය.මේ ‘අසරණවීම’ඉන්දීය ප්‍රේක්ෂකයින් පවා විමතියට පත් කරන්නක් වූ අතර ඊයේ රාත්‍රියේ සීමාව ඉක්මවා ගිය ප්‍රේක්ෂකයෝ ඇතැම් ඉන්දීය ක්‍රීඩකයින්ගේ නිවෙස් වලට අලාභහානි කොට ඇති බව වාර්තා විණි.

අවසන් පන්දුවාර පහේදී ලසිත් මාලිංග , නුවන් කුලසේකර සහ සචිත‍්‍ර සේනානායක සුපිරි පන්දුයැවීමක යෙදුණ අතර අවසන් පන්දු 27 දී එකම හතරේ පහරක් හෝ එල්ල කිරීමට ඉන්දීය පිතිකරුවන්ටනොහැකි විය.අවසන් පන්දුවාර පහේදී ලකුණු තිහක් පමණක් ලබා ගත් ඉන්දීය පිල නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 4ක්දැවී රැස් කර ගත්තේ ලකුණු 130 ක් පමණි.
ලකුණු 130 ක් හඹා යාමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකාවේ පිළිතුරු ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන්ය. කෙසේ වෙතත් 96 ලෝක කුසලානයේ අඩු ලකුණු ප්‍රමාණයකට ජයසූරියගේ දැවී යාම සිහිපත් කරමින් කුසල් ජනිත් පෙරේරා ලකුණු 5කට දැවී ගිය අතර අනතුරුව පිටියටපිවිසි මහේල ජයවර්ධන , තිලකරත්න ඩිල්ෂාන් සමග දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවක්ද , ඩිල්ෂාන්ගේ දැවීයාමෙන් පසු කුමාර් සංගක්කාර සමග 3 වැනිකඩුල්ල සඳහා ලකුණු 24ක සබඳතාවක්ද ගොඩනැගීය.

විස්සයි විස්ස තරඟයක තම අවසන් ඉනිම ලෝක කුසලානයක් දිනන ඉනිමක් බවට පත්වෙමින් තිබූ තත්ත්වයක් තුල මහේල ජයවර්ධන පන්දු 24කදී හතරේ පහර 4ක් සමග ලකුණු 24ක් ලබා දැවී ගියේ තම ලබැඳි මිතුරාට ‘ඉතිරිය කරන්නට’ භාර කරමිනි.තම 20/20 කි‍්‍රකට් දිවියේ අවසන් තරගයට සහභාගි වූ මහේල ජයවර්ධන අවසාන මහාතරඟයේ 20/20 තරඟයකදී ලකුණු 1000 සීමාවපසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවටද පත්විය.

මෙරටින් සොයාගත් නවතම විශ්වසනීයම පිතිකරුවා වන ලහිරු තිරිමාන්න ඉක්මනින් දැවී ගියද මැතිවුස්ට පෙර තිසර පෙරේරා පිටියට එවන්නට ගත් ‘තීරණාත්මක’ තීරණය අති විශිෂ්ඨ එකක් විය.තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 23ක් ලබා ගෙන ඉන්දීය පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් අන්ද මන්ද කරත්දී සංගක්කාර හයේ පහරක් සහ හතරේ පහර හයක්සමග පන්දු 35කදී ලකුණු 52ක් ලබා ගත්තේය.සංගක්කාර අර්ධ ශතකය ලබා ගන්නා විට ඈත පන්දු රකිමින් සිටි හිතුවක්කාර ‘කෝලී’ තරඟය උණුසුම මැද දිව විත් ලොව බිහිවූ අසමසම පිතිකරුවාට සුබ පැතුවේය.
අශ්වින්ගේ පන්දුවකට ජයග්‍රාහී පහර හතරේ සීමාවෙන් ඔබ්බට යැවූ ප්‍රවේගකාරී තිසර 2014 විස්සයි විස්ස කුසලානය මිලියන විස්සක් ජනතා දෝතට රැගෙන දුන්නේය.