
2014 වසරේ 20-20 ලෝක කුසලාන අවසන් මහා තරඟය අප්‍රේල් මස 06 වෙනි ඉරු දින එනම් හෙට දින සවස 0700 ට
ශ්‍රී ලංකාව සහ ඉංදියාව අතර බංග්ලාදේශයේ ධකා නුවර බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලහොත් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් අතර බෙදීයන අයුරින් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මෙම ත්‍යාග මුදලේ මුළු වටිනාකම රුපියල් කෝටි 20 ට ආසන්න බව වාර්තා වේ.