
ඔවුන් අපිට වටිනා තෑග්ගක් දුන්නා
අපි නැතත් ඔවුන් ඉදිරියේදී බොහෝ දේ කරාවි- සංගක්කාර කියයි
ශී‍්‍ර ලංකාව ඉරිදා (06) දිනා ගත් විස්සයි විස්සේ ලෝක කුසලානය තමන්ට සහ මහේලට යොවුන් කී‍්‍රඩකයන් ලබාදුන් වටිනාම ත්‍යාගයක් ලෙස සලකන බව කුමාර් සංගක්කාර පැවසීය. විස්සයි විස්ස කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු බංග්ලාදේශයේ මීර්පුර්හිපැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී සංගක්කාර කියා සිටියේ අනාගතයේදී යොවුන් ක්‍රීඩකයින්තව බොහෝ දෑ කරනු ඇති බවය.
‘ඉදිරියේදී එංගලන්ත සංචාරයත් තියෙනවා. ඉන්පසුව පුළුවන් තරම් හොඳටමහන්සි වෙලා වැඩ කරලා බලනවා මට තව කොච්චර කලක් කි‍්‍රකට් කී‍්‍රඩාවේයෙදෙන්න පුළුවන්ද කියලා. අපේ කණ්ඩායමේ ඉදිරි ගමන ගැන මම හිටියත් මහේල හිටියත් මම ගියත් මහේල ගියත් කවුරු ගියත් මම හිතන්නේ කණ්ඩායමේ ළාබාල කී‍්‍රඩකයින් ඔප්පු කරලා තියෙනවා කිසිම ප‍්‍රශ්නයක් නැතිව මේ කී‍්‍රඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඒ ගමනට යම්කිසි සහයෝගයක් දෙන්න පුළුවන් වුණ එක ගැන අපි සංතෝෂ වෙනවා. නමුත් අනාගතය මං හිතන්නේ මේ කී‍්‍රඩකයින්ගේ බොහෝම හොඳයි. ඉතාමත් සරුසාර වෙයි. මොවුන් ලංකාවට මීටත් වඩා විශේෂ දේවල් කරල දෙයි.‘සංගක්කාර කීය.